අනවරත මායාව
ඈත සිට සඳ එළිය මැලවුණු
කළු වළාවක පැටලි පැටලී
දඟකාර ලෙස උසට විහිදුණු
රුක් මුදුන් හරහා පෙරීවිත්
වැටෙන පණ ගිය කිරණ පිහිටෙන්
නුඹේ මුව පැහැදිලිව නොපෙනේ
සදා මා හද පිරී ඇවිලෙන
රශ්මි දහරා එළිය විහිදා
නුඹේ මුව මා දෙනෙත් දුටුවේ
නුඹට හොර රහසෙනුයි සොඳුරේ
නුඹට මා නොපෙනේය අඳුරේ
මාද නුඹ නොදකීය අඳුරේ
ඈත මිලිනව දිලෙන සඳ රැස්
විලස දිලිසේ මහද අරණේ
හීන් අඳුරින් මලොව වැසිලා
නුඹට මා නොපෙනෙන්න සළසා
මසිත් ගොළුකොට වියළි කරවා
සිහින් මදනළ හමා යනවා
ගස් කොළන් වැල් එකට එතෙමින්
මල් පලින් බර වෙලා හිනැහී
මදෙස බලමින් ඉඟිපාන සේ
සෙනෙහසක් හද තුළ නැඟෙන්නේ
නභෝමණඩල මිනිස් සිත තුළ
පුරා පැතිරුණ හිස් අහස වන්
සිතේ මායා ලෝකයක් වේ
නුඹද නොදකී මා ද නොදකී
කළු වළාවක පැටලි පැටලී
දඟකාර ලෙස උසට විහිදුණු
රුක් මුදුන් හරහා පෙරීවිත්
වැටෙන පණ ගිය කිරණ පිහිටෙන්
නුඹේ මුව පැහැදිලිව නොපෙනේ
සදා මා හද පිරී ඇවිලෙන
රශ්මි දහරා එළිය විහිදා
නුඹේ මුව මා දෙනෙත් දුටුවේ
නුඹට හොර රහසෙනුයි සොඳුරේ
නුඹට මා නොපෙනේය අඳුරේ
මාද නුඹ නොදකීය අඳුරේ
ඈත මිලිනව දිලෙන සඳ රැස්
විලස දිලිසේ මහද අරණේ
හීන් අඳුරින් මලොව වැසිලා
නුඹට මා නොපෙනෙන්න සළසා
මසිත් ගොළුකොට වියළි කරවා
සිහින් මදනළ හමා යනවා
ගස් කොළන් වැල් එකට එතෙමින්
මල් පලින් බර වෙලා හිනැහී
මදෙස බලමින් ඉඟිපාන සේ
සෙනෙහසක් හද තුළ නැඟෙන්නේ
නභෝමණඩල මිනිස් සිත තුළ
පුරා පැතිරුණ හිස් අහස වන්
සිතේ මායා ලෝකයක් වේ
නුඹද නොදකී මා ද නොදකී