ලලිත් ද සිල්වා - නුගේගොඩ

2023 මාර්තු කලාපය

ලොකු පුතේ ඇයි ..... උඹ වෙනස් වී .................

පිං කඳක් මං කරලා තිබ්බත්
සංසාර ගත චක්‍රයේ .....
ලොකු පුතේ ඇයි ..... නුඹ වෙනස් වී
අපේ රවුමෙ ම ඉපදුනේ.........

නුඹේ වයසෙම සම එවුන්ගෙන්
ඇයි පුතේ ......නුඹ වෙන් වුනේ
නුඹට නොදැනෙන - පපුව කකියන
මන්ද මනසින් - කොන් වුනේ .......

නුඹේ අම්මයි
මමයි පිහිනන
කඳුළු ගං තෙර කෙලවරේ ......
නුඹව ගොඩදා
ගන්න බැරිවූ
සංසාර ආරණ්‍යයේ ......

නුඹේ වයසෙම සම එවුන්ගෙන්
ඇයි පුතේ නුඹ..... කොන් වුනේ
මන්ද මනසින් බිහිවුනේ මේ
සංසාර ආරණ්‍යයේ .........
View Poem

WordPress database error: [You have an error in your SQL syntax; check the manual that corresponds to your MariaDB server version for the right syntax to use near ') AND meta_key = '_wp_attachment_metadata'' at line 1]
SELECT post_id, meta_value FROM `wp_postmeta` WHERE post_id IN () AND meta_key = '_wp_attachment_metadata'