ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලොකු පුතේ ඇයි ….. උඹ වෙනස් වී ……………..

ලොකු පුතේ ඇයි ….. උඹ වෙනස් වී ……………..

ලලිත් ද සිල්වා - නුගේගොඩ
2023-March

පිං කඳක් මං කරලා තිබ්බත්
සංසාර ගත චක්‍රයේ …..
ලොකු පුතේ ඇයි ….. නුඹ වෙනස් වී
අපේ රවුමෙ ම ඉපදුනේ………

නුඹේ වයසෙම සම එවුන්ගෙන්
ඇයි පුතේ ……නුඹ වෙන් වුනේ
නුඹට නොදැනෙන – පපුව කකියන
මන්ද මනසින් – කොන් වුනේ …….

නුඹේ අම්මයි
මමයි පිහිනන
කඳුළු ගං තෙර කෙලවරේ ……
නුඹව ගොඩදා
ගන්න බැරිවූ
සංසාර ආරණ්‍යයේ ……

නුඹේ වයසෙම සම එවුන්ගෙන්
ඇයි පුතේ නුඹ….. කොන් වුනේ
මන්ද මනසින් බිහිවුනේ මේ
සංසාර ආරණ්‍යයේ ………