රංජිත් ද සිල්වා - නවසීලන්තය

2023 මාර්තු කලාපය

බල්ලට දුන් මනාපේ

අපේ ගෙදරත් - පුංචි ජන්දයක්
බලු පැටියෙක් ඕනද නැද්ද කියල
අත උස්සලා ජන්දෙදීලා
හැමෝම දුන්නා මනාප ජන්දේ - බලු පැටියව ගේන්න කියලා

මනාප අරගෙන ඒකෙන් දිනලා - බල්ලා ගෙදරට ආවා පැනගෙන
බල්ලගේ ඕනෑ එපාකම් - මේ හැමදේමත්
තරඟෙට වාගේ හැමෝම එක්වී
කරලා දෙද්දී - බල්ලා ඉන්නවා මුදුනාවී

මනාපේ පැනලා දුන්නෙත් අපිමයි - ඌව මුදුනා කෙරුවෙත් අපිමයි
බල්ලගේ යටහත් වැසියොත් අපිමයි
බල්ලගේ වැඩ පමා කලොත් අපි - ඌ බුරා ගෙන ඇඟටම එන්නේ
බලුකම හැමවිට මතුවෙනවා

මනාපේ දීලා තිරිසන් සතෙකුට
දැන් දැන් කාටත් සිහිපත් වෙනවා - කරගත් මේ මෝඩකමේ හැටි

24පෙබරවාරි 2023
View Poem

WordPress database error: [You have an error in your SQL syntax; check the manual that corresponds to your MariaDB server version for the right syntax to use near ') AND meta_key = '_wp_attachment_metadata'' at line 1]
SELECT post_id, meta_value FROM `wp_postmeta` WHERE post_id IN () AND meta_key = '_wp_attachment_metadata'