
ගරා යක් එළිය…
ගරා යකුගේ එළිය
හැමදාම හැන්දෑවේ
නිවී නිවී දැල්වෙන
රතුපාට එළියක්
ගරායක් එළිය බව
කියන්නේ මහප්පා
මං බාල කාලෙදි
මහප්පා මියගිහින්
වසර දෙකතුනක් දැන්
තවමත් පෙනෙනවා
ගරායක් එළිය මට
ගරා එළි බලන්නට
අප්පච්චි සමගින්
දිනක් හැන්දෑවකදි
ගියා මං බලන්නට
වෙල් යාය පැත්තට
දන්නවද මං දුටුවෙ
ඒ මොකක්ද කියලා
මං වගේ ළමයෙක්
භූමි තෙල් කුප්පියෙන්
පාඩම් පොත් කියවන
රතුපාට එළිය ඒ