අනුරාධා ගුණසේකර හොරණ

2023 දෙසැම්බර් කලාපය

ඊළඟ පෝය එනකම්

බුදුන් වැදල බණ අහන්න
පන්සලේ බුදු මැදුරෙ
කිරි ගරුඩ බිම වැතිර
කරුණාබර බුදු දෙනෙත් දෙස බලා
හිතේ දුක කියා ගන්න
හිතේ සැනසීම ලබා ගන්න ..
ඊ ළග පෝය එනකම්
බලා සිටියා බුදු හිමියනේ ......
තරුණකම දිය වුනා නොදැනීම
දරුවො මත්තෙම නැහුනා
ලිපේ ගින්දර එක්ක
හදවතත් දැවුනා....
හේනේ කුඹුරෙ වැඩ කලා
ඊ ළග පෝය එනකම්....

දරුවො උස් මහත් වුනා
පිළිවෙලට දීගේ තලත් දුන්නා
දරුවන්ගෙ තාත්තා එක්ක
මමත් තනි වුනා....
ඊ ළග පෝයටවත්
පන්සල් යන්න හිතුවා
සිල් රෙදි හැද සිල් ගන්නවත්
හීනෙන් දුටුවා...

පෝයට කලින් දා
ලොකු දූට අමාරු වෙලා
පුංචි කිරි කැටිය ළග
ඉන්න ඕන හින්දා
ඒ වැඩ ටිකත් සංතෝසෙන්ම කලා...
තවත් පෝයවල් ගෙවෙනකම්
අනිත් උනුත් මගේ දරුවො හින්දා ..
උන්ගෙ දරුවොත් බලන්නට උනා
හැම දේකින්ම නිදහස් වෙලා
එන්න තමයි හිටියෙ
ඊ ළග පෝයටවත්....බුදු හිමියනේ ...
හිතේ සැනසීමෙන්
බණ මඩුවේ ඉදලා
බණ ටිකක් අහන්න...
පොඩි ලේලිට රස්සාවක් ලැබිලා
පුංචි උන් බලන්නට
කෙනෙක් නැති හින්දා ...
ඒ වැඩෙත් කරලා
කවදහරි එනවා....
සිල් අරන් බණ අහල
සැනසීම ලබා ගන්න...
බුදු හිමියනේ .....
View Poem