කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

2023 ජුලි කලාපය

ඉසිඹු නොලත් මහැදුරු

සුරවිරු පුතෙකි විදුදය සරසවි මවට
පැහැසර විදා සාහිත සිනමා ලොවට
නොමසුරු මෙහෙය නිජබිම වෙත පිදු බවට
හරසර කලා විරුදාවලි ලද රුවට

සඳ එළියක් ම වී සුනිමල ගී ගඟට
බඳ දදවැල් ම සම්මානෙන් නිති පුදට
ලද සුරුකම් ම උපතින් ඔහු - අපෙ පිනට
නද දී යශෝ නොමියෙයි ඒ නම හෙටට

යසි'සුරු රිදී තිරයට දියතින් දුන්නේ
කළ සරු රසික හදවත සැනසිලි ලන්නේ
නැණසුරු දෙනෙත මෙ'බිමට නැහැ ණය වෙන්නේ
මහැදුරුතුමනි කවදද ඉසිඹුව ගන්නේ

( ජූලි 28 වන දිනට ජන්ම දිනය යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට උපහාර පිණිස ය)

කේ.පී.එස් සචින්ත්‍රා ,
හෝමාගම ,
ඉතිහාසය විශේෂවේදී ,
රුහුණ විශ්වවිද්‍යාලය .
View Poem