ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2024 ජනවාරි කලාපය

ආසිරි පැතුම්

දිලී තරු මල් පිරුණ සඳ මැද

නිල් අඹරෙ සිරි මැවේවා

මිදී දුක පිරි රෝග සා ගිණි

බියෙන් සැම දන දිනේවා

නිවී යුධ ගිණි ලොවේ දසතම

සාමයේ මල් පිපේවා

නව වසරෙ කවි රස ගඟුලෙ

සැම කිමිදි කිමිදී රැඳේවා



ළඳුන් සීගිරි ලෙනේ පානා

මඳහසින් රාගෙන් මිදී

සඳුන් සුවඳින් කාලිදාසයො

දැවෙන සොහොනේ දුක දැනී

ඉන්දු සයුරේ ඉගිලෙමින් ගොස්

තාගෝර් රස උරමිනී

ලොවේ නන් දෙස ගලන කවි රස

උරමු නව වසරේ රිසී
View Poem