කුමාරි හඳපාන්ගොඩ කටාර් රාජ්‍යයේ සිට

2024 ජනවාරි කලාපය

අලුත් දිනපොත

ආයෙමත් අලුත් දිනපොතක්
පැරණි මතකම
අලුත් කර කර ලියන්නට

මේ දින පොතෙත්
ඇතැම් පිටු හිස්ව තියේවි
ඇතැම් පිටුවල ඉඩ මදි වේවි

හිතේ ඇතිවන දේ
ලියවෙනවා කිව්වාට
නොලියවෙන බොහෝ දේ තවත් ඇති

කවුරු නැතත්
සිතුවිලි අහන දිනපොතක්
හිත හිස් කරන්නට අපූරුම තැනක්

Photo: Boolblock
View Poem