නිමල් අබේසිංහ - කඳාන

2022 මැයි කලාපය

සොඳුර කල නොවේ පෙම්සුව විඳින්නට

අල ළූණු මිරිස් මිල අහසට නැගී ඇතී
තෙල් මිල ගෑස් මිල සුලඟට ගසා යතී
ඇති නැති පරතරය කියලා එකක් නැතී
පාලනයක් තිබේ දැන් බලු වටින්නැති

අතක කිරිනැතිව හඬනා දරුවන්ය
තවතක බත් තුලක් නැති පොඩි දරුවන්ය
බලව මග දිගට ඉන්ධන පෝලිම්ය
එවන් පෝලිමේ මියයන මිනිසුන්ය

අරගලයකි තුරුණු පිටියේ ගාලු මුවදොර
සංහිඳියාව සාමය තිබේ බිහිකර
කන් නෑසුවම සිටියත් මුවග ගොළුකර
පන්නා දමමු රට වැනසූව හැතිකර

සොඳුර කල නොවේ පෙම්සුව විඳින්නට
අඳුර දුරැර ආලෝකය ගෙනෙන්නට
පැදුර කොට්ට අකුලාගෙන අපිත්හෙට
යමන් ගාළුමුවදොර කොඩි බැඳින්නට

එහෙව් නොවේ නම් මේ ටික අහපල්ලා
අලා පලා පල තිබ්බටු කාපල්ලා
වේලක් ඇර වේලක් කැඳ බීපල්ලා
රාජපස්සලාටම රට දීල්ලා

කූරියා ගසනු ලං වුණු වේලාවේ
මාරයා හඬයි අරලිය මාරාවේ
බෑ කියා කෙලෙස මේ වැනි වේලාවේ
හූ - රයා තොපට යායුතු වේලාවේ
View Poem