ප්‍රියානි රොඩ්‍රිගෝ මිනුවන්ගොඩ

2023 අප්‍රේල් කලාපය

සොදුරු නොසැලකිල්ල

ඉතා සියුම් ලෙස සීරුවට හැද පැළද
තවරා සුවද වත්සුණු නොම ලෙද
දන්නේ යැයි සිතු
එහෙත් නොම දත්
කලාවේ සියුම් රස තැන්
කිසිත් නොම දැක
'සියල්ල' නීරස වේ..
'සියල්ල' නොගැලපේ...

බලනු මැන මා දෙස
දෙනු මැන මුවේ මදහස
සරල බව කැටි කොට
ඔහේ විසිර යන සළුපිලි
සුලගේ ඉහිරෙන කෙහෙරැලි...
මවයි අපුරු රසයක්!
ඔප දැපු මිහිරකට වඩා..
පැහැරගත්තත් එය මා නෙත්
කිසිවිටෙක නැත! මගේ හදවත්....
View Poem