ඉෂංකා මිහිරි කුමාරතුංග

2023 මැයි කලාපය

වීදි දරුවෝ..

පෙරවදනක් හෝ පසු වදනක් නැති
වීදී කතා වල ප්‍රේමය සොයා
ඉනූ සළු පිළි වල මොණර කොල ඇති
හිස් වූ උප්පැන්නෙ ඉරි පුරා...

පහන් කණු ලඟ දිලෙනා එළි වල
රාග කෙඳිරිලි හඬ වසා
වැදුම් ගෙවල් හඬනවා ඇති තව
ලයට කිරක් ඉනුවද අසා....

සඳත් තරුවත් දුර වැඩි බව නොදත්
ජීවිත වල හිස් පිටු මකා
කිරි පැණි ඉල්ලනවා ඇති තාම අදත්
හසරක් නොදන්නා බිළිදු සිනා.....
View Poem