තිලිනි උත්පලා ලක්ශාන්ති මහනුවර

2023 අප්‍රේල් කලාපය

මැවුම්කරු

වැස්ස වැටුනාම නුඹට සතුටුද මලින් බඹබරුන් අහනවා ඇති,
මුකුත් නොකියම අනේ මල් පෙති බඹර තටු සෙමින් පිරිමදිනු ඇති,
සුළඟ ඇවිදින් නුඹ නලවනා විට මොකද දැනුනේ අහනවා ඇති,
මොකුත් නොකියා හෙමි හෙමින් බඹරුන්ට මල් කෙමි පුදනවා ඇති,

පෝය දවසට හඳත් එක්කම තමයි නුඹ හැඩ තරු හෙමින් අහසට කියනවා ඇති,
අමාවකටත් ලඟ ඉන්නෙ නුඹයැයි කියා සඳ හිනැහෙමින් කියන්නැති,
නුඹේ කවි සිත මට තරම් නෑ නුඹත් හෙමිහිට සිතනවා ඇති,
මගේ කවි වල මැවුම්කරු නුඹ මගේ නොවුනට මගෙ සිතේ පිරි…
View Poem