පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2023 අගෝස්තු කලාපය

ප්‍රේමණීය ම සුළං දහරා

නිරාමිස සුව දැහැන් බිඳලන
ප්‍රේමණීය ම සුළං දහරා

සරා සඳ මත වැතිර ගෙන හිඳ
කැලණි ගං දිය සිඹින මිහිරා

පුරාණෙක රැඳි මතක සමරුවෙ
සිතුවමක් වන දියහි සීරා

කිරාමැන නොබලමින් ලතැවුල්
අදත් මේ ගඟ ගලයි පීරා

සකද මලයි බබළු වැලයි කාව්‍ය සංග්‍රහයෙන්
View Poem