සිසිර කුමාර කොග්ගලහේවා

2023 අගෝස්තු කලාපය

නුඹ බර නෑ ලයට....

ඉඳහිට ඇවිල්ලා ඇසි දිසි
මානයට
පාවඩ එල්ලන්නේ කිම යලි
හීනයට
ජීවන ගීතෙ වැයෙනා හිමි
තාලයට
යායුතු ගමන යන්නෙමි මගෙ
වේගයට

හිත දුර අරන් එකමත් එක
කාලයක
මං ඇහුරුවා හසරක් නැති
රෑ යමක
අඳුණක දැවටි මධුබිගු පිරි
මාවතක
නුඹ හැංගුනා හරසුන් නැති ලෝකයක

අදටත් දොසක් නොකියා සිදුවූ
දෙයට
පෙර විපරමින් පසුවෙමි තරහක්
කුමට
ඇත්නම් ලතෙත් බිඳුවක් තව හිතෙ තෙතට
පෙර මෙන් ලංවෙයන් නුඹ බර නෑ
ලයට
View Poem