ජානකී දීගහවතුර මහනුවර

2024 ජුනි කලාපය

නිදුකාණනේ..

නම් ගම් කිසිත් නොබලා ඔබ අප හැමට
සම සෙත පතුරවන එදහම ලෝ සතට
අමිලය සහස් ගුණයක් ගැලපෙයි. අදට
එනිසා තමයි මල් පිපුනේ බුදු. පුදට


අද අද මරු එතැයි දැන සිටියම යෙහෙකී
අප මේ පවත්වන්නේ මියැදෙන කයකී
ජීවිතයම තණ අග ඇති පිණි. බිඳකී
කල්ගත නොහැක දියදම නම්. නියතයකී


පාරමි දම් පුරා ගියමග. නිමාඋනී
බව දුක කියාදුන් සත වෙත දයාවෙනී
බැඳි බැමි ලිහා ගන්නට මට පමාවුනී
පා යුග වඳිනෙමි සම්බුදු. පියාණෙනී.



මහනුවර.
View Poem