අරුණ ශ්‍රී එදිරිසිංහ පන්නිපිටිය

2022 මැයි කලාපය

චණ්ඩ රළ ගොළු වෙලා

මල් පැළය හිටවලා
ගාලු මුවදොර පිටියෙ
බක් මහේ අසිරියෙන්
මල් පිපෙයි රොන් සලා

චණ්ඩ රළ ගොළු වෙලා
පවන් සිසිලස උරා
මෙතෙක් නොකියූ බසක්
දෙසවනට ළං වෙලා

නුඹ මිනිස් ජාතියයි
සත්‍යය ම ආගමයි
බස හදේ රිද්මයයි
නිදහසේ රාවයයි

සිව් සැත්ත වසරක් ම
අදුරෙ අතපත ගෑව
දරුවනේ අප සෙවූ
මාවතයි නුඹ දුටුවෙ

අතාරින්නට එපා
වෙයි මිළක් ගෙවන්නට
සම සමව ගෙවමු එය
නිදහසේ අරුණෝදෙ

අපල දුරු කරලන්න
සාපයෙන් මුදවන්න
චෝරනාගල රෑන
සත් මුහුදු පන්නන්න

මේ අපේ කාලයයි
දිනිය යුතු දේශයයි
නව පැතුම් සුවද මුසු
නවෝදයෙ අලුයමයි
View Poem