ආරියරත්න ජයසිංහ මහරගම

2024 ජුලි කලාපය

SMS පෙම්පත

ඈත දුරු රට සිට
ඔබ එවූ SMS එක
දිලිසේ ටෙලිෆෝන් තිරය මත
කියවූ නමුත් එක හුස්මට
අඩුවක් දැනෙයි මසිතට

පෙර අප පෙම් කරන සඳ
සුදෝසුදු තනිරූල් කොලයක
අකුරු අමුණා රවුම් මුතු ඇට
තැපෑලෙන් ඔබ එවූ පෙම්පත
නැඟෙයි තවමත් මතකෙට

යටින් “මා ඔබගේ ආදර”
අත්සනත් ගසා හැඩකර
එවූ ලියුමේ පෙම් රස
මතකයෙ තිබේ සුරැකිව
පැරණි සෙල්ලිපියක් මෙන

ඇදවූ නුහුරු අකුරැ’ති
කිසි පෙම් සුවඳකුත් නැති
අද එවූ SMS එක
බොඳවයයි ටෙලිෆෝන් තිරය මත
දිය මත ඇඳි ඉරක් මෙන.




ඈත දුරු රට සිට
ඔබ එවූ SMS එක
දිලිසේ ටෙලිෆෝන් තිරය මත
කියවූ නමුත් එක හුස්මට
අඩුවක් දැනෙයි මසිතට

පෙර අප පෙම් කරන සඳ
සුදෝසුදු තනිරූල් කොලයක
අකුරු අමුණා රවුම් මුතු ඇට
තැපෑලෙන් ඔබ එවූ පෙම්පත
නැඟෙයි තවමත් මතකෙට

යටින් “මා ඔබගේ ආදර”
අත්සනත් ගසා හැඩකර
එවූ ලියුමේ පෙම් රස
මතකයෙ තිබේ සුරැකිව
පැරණි සෙල්ලිපියක් මෙන

ඇදවූ නුහුරු අකුරැ’ති
කිසි පෙම් සුවඳකුත් නැති
අද එවූ SMS එක
බොඳවයයි ටෙලිෆෝන් තිරය මත
දිය මත ඇඳි ඉරක් මෙන.
View Poem