කොහිද නුඹ රාධා?
රාධා ...අහෝ රාධා...
තමළුපත් වට අරුණු මිහිමත
තණග රැඳි පිනි තුෂර තැවැරී
නුඹේ පා රත්තඹුරු පෙති දොවනා ...
මෙවන් වෘන්දා වනේ කොතැනක
හිඳීදෝ රාධා...
සැඟවී මගෙන් රාධා...
ඇසී වස්දඬු සරින් මා මැවු
ඇදේ ගෝපී ලියන් මාවට
තනා නිති මල් යහන් මා හට
ලබා රතිරස කුමට එනමුදු
කොහේදෝ රාධා...
සැඟවී මගෙන් රාධා...
එදා යමුනා ගංතෙරේ සඳ
දිදුළ යාමේ තෙමා රතදර
පෙළා දඟයුග උකුල් යහනත
උන්නු ක්‍රිෂ්ණා මමයි නුඹ අද
කොහේදෝ රාධා
මවෙත යළි එන්නකෝ රාධා...
තමළුපත් වට අරුණු මිහිමත
තණග රැඳි පිනි තුෂර තැවැරී
නුඹේ පා රත්තඹුරු පෙති දොවනා ...
මෙවන් වෘන්දා වනේ කොතැනක
හිඳීදෝ රාධා...
සැඟවී මගෙන් රාධා...
ඇසී වස්දඬු සරින් මා මැවු
ඇදේ ගෝපී ලියන් මාවට
තනා නිති මල් යහන් මා හට
ලබා රතිරස කුමට එනමුදු
කොහේදෝ රාධා...
සැඟවී මගෙන් රාධා...
එදා යමුනා ගංතෙරේ සඳ
දිදුළ යාමේ තෙමා රතදර
පෙළා දඟයුග උකුල් යහනත
උන්නු ක්‍රිෂ්ණා මමයි නුඹ අද
කොහේදෝ රාධා
මවෙත යළි එන්නකෝ රාධා...