මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2024 ඔක්තෝබර් කලාපය

අත්දුටුවයි ! ප්‍රත්‍යක්ෂයි !!

ඇස දකිනා විටදි හැඩයක් පිට පොත්තේ
සිත අසනවා මොනවද ඇතුලත ඇත්තේ
ඇස රැවටුනත් දකිනා රූපය මත්තේ
මගෙ මනස මය කවදත් මා රැකගත්තේ

දස අත ගිගුම් දී හඬ තැලුවත්
එකය
කැටයම් දදා නලවා කීවත්
සරිය
බුද්ධිය නැතිව උගතෙකු වූවත් මදිය
කණ කොක් සුද පෙනෙන්නේ ඉගිලෙන කලය

මිතුරු වෙසින් සිටියත් සිත යට කුහක
හතුරු වදන් පිටවෙයි නොදැනිම විටෙක
ඉතුරු නොකර හිතවත් කම් තව දිනෙක
වසුරු පිඩක් ලෙස රඳවාලනු
දුරක

උදව් ගන්න තුරු නැති ගුණ
ගයන්නෝ
වාසිය ලැබෙන තුරු පසු පස දුවන්නෝ
අමනකමින් හැම අතටම නෙලන්නෝ
අපුලයි දකින්නට කළගුණ නොදන්නෝ



තම අදහසම නිවැරදි යයි සිතන්නා
එම මත වැරදි වූවත් හරි කියන්නා
සම අයිතියක් සැම සතු යයි නොදන්නා
සැක නැත "කොතැන හෝ අඩුවක් " තියෙන්නා

මාවැලි කුමාරි කුලතුංග
මහනුවර
29.09.2024
View Poem