Category: යසෝදරාවතේ සිත්ගත් කවි

යසෝදරාවතේ සිත්ගත් කවි
සාගර ජලය මදි ඇඬුවා මා සින්දා
කීකරු ලඳ ලියෙක් මේ ලෙව් තුළ ඇද්දා
වෙන්කර අදම යන්නේ බුදු බව සින්දා
සුන්කර කෙලෙස් දුරුකර එක සිත් පැහැදා

යසෝදරාවතේ සිත්ගත් කවි
උනිමු ඉපිද අපි ලෙහෙනුන් කුලේ එදා
වැටුනේ මහා සමුදුරයේ මැද බිලිඳා
දැනුණේ කරපු වීරිය ගොඩ ගන්ට එදා
හිමිසඳුනේ මග ඇරියේ මන්ද මෙදා

යසෝදරාවතේ සිත්ගත් කවි
පාළු වේය වැඩියෝතින් මෙ අප රට
සාලු සළු ද පැළඳී රන් කඩු අතට
වේලු බුදු බවට බාදා නොකර මට
යාළු ඇමති අසු සරසා දියන් මට
සාලු සළු ද පැළඳී රන් කඩු අතට
වේලු බුදු බවට බාදා නොකර මට
යාළු ඇමති අසු සරසා දියන් මට

යසෝදරාවතේ සිත්ගත් කවි – අප්‍රේල්
පැතුන් බලෙන් දෙන්නා ආවේ පේවී
කතුන් සැමට නායක බිම්බා දේවී
ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී
ගොසින් බුදුව එනකල් සිටපන් දේවී

යසෝදරාවතේ සිත්ගත් කවි
රෑන එරන් කෙඳි සේ රන් කෙඳි පීරා
පීන පයෝදර ගණරන් කරඬු යුරා
වහම මොක් නිවන් සාදන මුනිඳු පුරා
යහන පිට වැටී හඬතෙයි යසෝදරා