Category: මයුර සංදේශයේ සිත්ගත් කවි

මයුර සංදේශයේ සිත්ගත් කවි
විසිතුරු පුරඹ වටොරට පැරද විළියෙන
නිරතුරු යනෙන ලස ගමනැය නරඹමින
පිවිතුරු සුතන් හැර යනු බැරිව තැන තැන
රඹතුරු නමා සිටිනෙව් මුව කුඩා වන
නිරන්තරයෙන් ලාලිත්‍ය ගමනින් යන එන
එපුර කාන්තාවන් නරඹමින් ඔවුන්ගේ වටොරට
පැරදී ලජ්ජාවෙන් මුහුණ පහතට හෙලා සිටින
කෙසෙල් ගස් කුඩා පවිත්‍ර දරුවන් හැර දමා යනු
බැරිව සිටියාක් මෙන් විය (කාන්තාවන් ගේ
වටොර ප්‍රදේශය කෙසෙල් කඳන් වලට සමාන
කිරීම සාමාන්‍ය සාහිත්‍ය සම්ප්‍රදායයි)