Category: ජන කවි

සිත්ගත් ජනකවි
කතරගමට ගිය දා එතන වාඩියේ
නිතර දෙමළු ඇවිදිති සතර වීදියේ
සතර වැටට මුතු අමුණාපු හවඩියේ
මතක නැතුව අත වැදුණා දෙමළ ලියේ


ජනකවි මිහිර
ලිඳේ ගැඹුර දන්නේ කුඩමස්සාය
මලේ සුවඳ දන්නේ මී මැස්සාය
කැලේ පළල දන්නේ අලි වස්සාය
ළඳේ ඔහොම නොබලන් මම පිස්සාය


ජන කවි මිහිර
සරුවත් කෙතේ බිජු වපුලේ පැල වෙන්ට
මැරුවත් බැරිය දුටු දෙය නොකියා ඉන්ට
බොරුවක් නොවේ මට ජාතියෙ කඹුරන්ට
වරුවක් පොරේ තණ දෙක හරවා ගන්ට
එක්තරා හාමුදුරු නමක් දානය පිණිස ප්රමාද වී වැඩි සේක.
තණ හේනක් මැදින් යා යුතුව තිබු නිසා දෙපැත්තෙන් වැටි ඇති තණ කරල් නොපෑගෙන්නටඒවා දෙපැත්තට කරමින් වැඩියහ.
එය ජන කවියෙක දුටු ආකාරයයි ඒ.