ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගජගා වන්නම .. .

ගජගා වන්නම .. .

කමනිකා මොහොට්ටිගේ
2022-August

‘දෙව් පුර ඇතෙකි
කුඹු දහසයකි ..
දිග දළ අටකි
සත් ගැබකි ‘ ….
.
පියුමකි- ඇතෙකි,
කණ්ඩුල ඇතෙකි,
තවෙකෙකි බෝසත්
දළ දුන්නේ…
.
වෙඩි කෑ පියෙකි
දළ කැපු හිසකි
හනු පිපිරුමකි
ලේ මැද මවකී ..
.
තනි වූ පුතෙ කි
කෙඳි නැති කය කී
ගජගා නම කී
වන්නම කී ….