මයුරි කොඩිකාර ගම්පහ

2022 අගෝස්තු කලාපය

කණ කැස්බෑ නෙතක්

රන් කිරි කට ගෑ නැකතක් උරුම නැතී
සත් වටයක් කැරකෙන ඇත් රජෙකු නැතී
මව් කුසයක් පමණකි සෙනෙහසද නැතී
පින් පිරුවට අඳුරට හිමි සඳද නැතී

පිය පෙළපත ඉරකින් ඇඳ සපත වුනී
හිස සෙවනට අනත් නිවස සරණ දුනී
අරුමෝසම් සෙල්ලම්බඩු සිහින මෙනී
අඩක් පිරුණු කුස නිතරම හඬනු දැනී

මිමි ගිලිහුන ඇඳුමින් නිති සැරසෙන්නම්
රස මසවුලු දුටුමුත් තලු නොගසන්නම්
බෙලෙක් කෝප්පයෙ කහටෙනි සැනසෙන්නම්
කැඩුණු සෙරෙප්පුව කටුවෙනි අමුනන්නම්

සුජාත දරු කැළ අභිමුව ගොලුවෙන්නම්
අවජාතක නම අරගෙන වැළපෙන්නම්
නැව මගහැරි නැංගුරමක සිරිගන්නම්
සැඩ රළ පහරට මුව දී නොසැලෙන්නම්

අවුවෙද වැස්සෙද පින්නෙද දැඩිවෙන්නම්
රිදෙන සිතට කෝටුපාර ලැබදෙන්නම්
නෙලුම් මලක් මෙන් මඩපිට පිබිදෙන්නම්
විය සිදුරෙන් යලිදු අහස නොබලන්නම්

අහේතුකව නොයිපදුනත් අනුන්ගේ වරදට දඬුවම් විඳින දරුවන් කෙතරම් වේද....
වගකිවයුත්තන් නොදන්නා සේ හිඳින
View Poem