ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කළ පව් කිමද දෙවිඳුණි මුලු රට භාර

කළ පව් කිමද දෙවිඳුණි මුලු රට භාර

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
2022-July

බුදු හාමුදුරුවොත් වැඩ පුදබිම කළ දේසේ

හිරු සඳු ඇවිත් සිරිපා නමදිණ දේසේ

ලෝකෙන් උතුම් රටවූ අපගේ දේසේ

හීණ දීන කළවුන් යති දැවෙමින් ගින්නේ

නිවාඩුවට යන්නට අපෙ මවු රටට

සුන්දර පැතුම් සපුරා ගෙණ සිටි අපට

දරු පැටවුන්ගෙ සිහිණය බොඳ කළ වුන්ට

වැහි නැති අකුණු එනු ඇත කැරකී භිසට

අප මව්බිමේ සුන්දරතාවය දන්නෝ

හැරදා නොයන්නෝ මාපිය නොහඳුණන්නෝ

මාපිය නාමයද කෙලෙසා වැනසූවෝ

දොරළග අපායේ බව දැණගත යුත්තෝ

තෙල් පැට්රෝල් පෝලිම්වල දුක් විඳිමින්

අසරණ ජනතාව හෙළණා දුක් සුසුමන්

උඩ ඉන්නා දෙවියොවත් නැද්දෝ දන්නේ

අපෙ දේශයට හිමිවූ මේ දුක්බර කරුමේ

අදහස් කුරිරුවී දෙපිරිස් ඇවිළෙන්නේ

පෝලිම්වලත් ගුටිබැට නිති ඇතිවන්නේ

මිනිසුන් නොමිනිසුන්වී මුලුරට වැණසෙන්නේ

දෙසිය විසිපහම සුවසේ වැජඹෙන්නේ

Marne la Valée ප්‍රංශයේ