ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කම්මලේ යුද්ධය

කම්මලේ යුද්ධය

මාලපල්ලේ හේමාංගි අමරසිංහ
2022-July

“උසුකිරිං – උසුකිරිං”
මයිනාහමේ විලාපය
වේගවත් වී නැවත යාන්තමට
කොලුවාගේ අත්දෙක ම
ඉහළට – පහළට
හති අරින සද්දය විලාපෙන් වහගෙන!

සිරුරට වඩා බර
ලොකු – මහත මිටියකින්
උඩ පැන – පැන
මහලු මිනිසා තඩිබායි
“තග්කටං තග්කටං”
මෘදුකමක් නැති තෙතමනයකුත් නැති
ගිනියම් වූ දෑකැත්තකට!
වේගවත් ය කට හඩ
මහල්ලාගේ
“ඇදපං කොලුවෝ – ඇදපං තවත් හයියෙන්”
වේගයෙන් වැදේ
ලොකු – මහත මිටිය දෑතලේ!
තොරතෝංචියක් නැති ව
ඉදහිට තවමත් ඇසේ
“තග්කටං තග්කටං – උසුකිරිං – උසුකිරිං”

01/07/2022