ඔබ නොහෙලයි නම් පෙමාදර බැල්මක්
සිහිල් දිය කඳ රැගෙන
කුමට ගලනවද මේ ගඟ
ගඟ නොබොනව නම්
එකම දිය බිඳුවක්
අතු පුරා පල මියුරු
කුමට දරනවද මේ ගස
ගස නුබුදියි නම්
එකම රස පලයක්
රෑ අඳුරු අහස් කුස
කුමට දිලෙනවද තරු රැස
හිරු නොබලයි නම්
එකම එක තරුවක්
කවිකම් ඉපිද සිත් කුස
කුමට මියැදෙයිද එසැණින
පන්හිඳ නොලියයි නම්
එකම රස කවියක්
පෙම් හැඟුම් නැඟී ළය තුල
කුමට පිරිමදිනු හද තත
ඔබ නොහෙලයි නම්
පෙමාදර බැල්මක්.