ලං ලංව දැනෙනවා ප්‍රේමය..
එන්නෙ නැති බව දැන දැන
තව කොතෙක් කල් බලා ඉන්නද
නොඑන්නට හිත හදාගන්නව තිබුණා
නොකීවා නම් එදා ඔබ
ඉස්සරම තිබුණු හැඟුමන්
තවත් නොවෙනස් ව ඇති බව.
කියාගන්නට නොහැකි සිතිවිලි
නොනැවතී සැඟවෙන්නෙ කවි පද තුල
මගබලන හිතකට
උරුම කඳුලැල් විතරක්මද?
නිමාවක් නොදැකම
වසා දමනට ප්‍රේම පුස්තක
පහසු නැත හිතකට
පාට පින්තාරුවෙන් හැඩවුන
වියෝගය අභියස
තාම වෙහෙසෙයි සොයා අක්ෂර
තිබේදැයි සොයමින්
සෙනෙහසක් යන්තමින් ගෑවුන...
සරත් සම නිමාවක
වියලි ඇඟලුම් නොමැති ගසකට
දිව්‍යමය පත් හා කුසුමන් රැගෙන
එනවාමයි වසන්තය දවසක
සියොලඟම හිරි වට්ටන
සිසිරයේ එක සවසක
ගිනි සිසිල ඉටු නොවුන පැතුමකි
හේඩෑරි වූ තනි හිතකට.
පායන්නට අමාවක රැයක
තනි තරුවක් වෙලා වත් හිත් අහසක
පහන් තරුව වෙන්නයි පැතුවේ
දියඹේ අතරමං වූ යාත්‍රාවකට
කල්පයකුත් තවත් ටිකක්
ඈතයි
අතපොවන්නට වත් නොහැකි
හත්දින්නත් හීන පොකුරට
ඒත් ඔබ තවමත් මුමුණන්නෙ
කොයිතරම් ලඟ ද අපි අපට!!
රේණුකා සුදර්ශනී ඉලංගකෝන්
කිරිඳිවැල.
තව කොතෙක් කල් බලා ඉන්නද
නොඑන්නට හිත හදාගන්නව තිබුණා
නොකීවා නම් එදා ඔබ
ඉස්සරම තිබුණු හැඟුමන්
තවත් නොවෙනස් ව ඇති බව.
කියාගන්නට නොහැකි සිතිවිලි
නොනැවතී සැඟවෙන්නෙ කවි පද තුල
මගබලන හිතකට
උරුම කඳුලැල් විතරක්මද?
නිමාවක් නොදැකම
වසා දමනට ප්‍රේම පුස්තක
පහසු නැත හිතකට
පාට පින්තාරුවෙන් හැඩවුන
වියෝගය අභියස
තාම වෙහෙසෙයි සොයා අක්ෂර
තිබේදැයි සොයමින්
සෙනෙහසක් යන්තමින් ගෑවුන...
සරත් සම නිමාවක
වියලි ඇඟලුම් නොමැති ගසකට
දිව්‍යමය පත් හා කුසුමන් රැගෙන
එනවාමයි වසන්තය දවසක
සියොලඟම හිරි වට්ටන
සිසිරයේ එක සවසක
ගිනි සිසිල ඉටු නොවුන පැතුමකි
හේඩෑරි වූ තනි හිතකට.
පායන්නට අමාවක රැයක
තනි තරුවක් වෙලා වත් හිත් අහසක
පහන් තරුව වෙන්නයි පැතුවේ
දියඹේ අතරමං වූ යාත්‍රාවකට
කල්පයකුත් තවත් ටිකක්
ඈතයි
අතපොවන්නට වත් නොහැකි
හත්දින්නත් හීන පොකුරට
ඒත් ඔබ තවමත් මුමුණන්නෙ
කොයිතරම් ලඟ ද අපි අපට!!
රේණුකා සුදර්ශනී ඉලංගකෝන්
කිරිඳිවැල.