ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නැලවිලි ගීතය

නැලවිලි ගීතය

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
2022-July

Cradle Song by Sarojini Naidu

නෙලුම් මල් පිරි ගඟුල් හරහා
කුඹුරු, කුළුබඩු උයන් පිසිමින්
දිළිසෙනා පිණි බිඳු ද තවරා
නුඹට ගෙන එමි
පුංචි සොඳුරු ම සිහිනයක්

මැණික නුඹ නෙතු වසා ඇති විට
දෙව් විමන් වැනි කොහොඹ ගස් මැද
කදෝපැණි රංචුව නටති දුර
සොරාගෙන පොපී ගසක බඳකින්
නුඹට ගෙන එමි
පුංචි සොඳුරුම සිහිනයක්

ඉතින් සුපතමි
පුංචි දෑසට- සුභ රැයක්!
රන් එළිය මැද තරු දිලෙද්දී
මුදු ව පිරිමැද
නුඹ අතට දෙමි
පුංචි සොඳුරු ම සිහිනයක්

Link to the original poem https://allpoetry.com/poem/8496437-Cradle-Song-by-Sarojini-Naidu
Copyright free photo from pixabay
Poet’s Bio translated from Poetry foundation
සරෝජිනී නයිදු 1879- 1949 කාලයේදී ඉන්දියාවේ වාසය කළ කිවිඳියකි. ඈ කවිකමට වඩා ප්‍රසිද්ධියක් උසුලන්නේ ඉන්දියාවේ නිදහස් අරගලය වෙනුවෙන් සටන් කළ වීර කාන්තාවක් හැටියටයි. ඇගේ කවි වල විචිත්‍රවත් බව නිසා ඇයට මහත්මා ගාන්ධිතුමා පිරිනැමූ ‘භාරත් කෝකිලා’ නම් ගරු සම්මානයටද පාත්‍ර වූවා ය.