ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙනිපිටියෙ මහ ගහත් කැපුණා…..

දෙනිපිටියෙ මහ ගහත් කැපුණා…..

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2022-July

විහිදුවා අත් සෙවන බෙදපූ
කරු මුලට බර ටිකක් තියපූ
හිරුගෙ ගිනි සැර හිසෙන් වහපු
බෝධියකි පෙර බුදුන් වැඩපූ

ගෙන්දගම් බිම සුළං වැදුණූ
කළු දුමින් කොළ තාර ගැහුණූ
බුලත් කෙළ තැන තැනත් ඉහුණු
නමුත් ඉවසූ පාරේ ගැහැණු

සැදූ රොඩු බොඩු ජෝඩු කපුටූ
කූඩු කොණ්ඩා වගේ බොකුටූ
තිබූ මුත් ඇඟ මැද්දෙ අරටූ
ගියේ නෑ අපෙ නෑයො මොරටූ

පෙම්වතුන් අත් ඇඟිලි බැඳුණූ
සෙවනෙ ඉඳ කියු කතා ඇහුණු
දරාගෙන ලෝ දහම දරුණූ
ගහක් වුණු එක පිනකි සිතුණු

අවහිරයි මග ලියුම් එව්වා
කපන්නට අත්සනක් ගැහුවා
ගජමනුත් කවි ගීත ලිව්වා
ඒත් දෙනිපිටි ගහත් කැපුවා