ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

උන්ගෙ ගෙවල් අපි අරගෙන

උන්ගෙ ගෙවල් අපි අරගෙන

අන්ජලී චන්දිමා සිල්වා - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
2022-July

විදුලි වැට පෙරලලා
ගම් බිම් ද වනසලා
රස අහර සොයාලා
ඇත්තු ගම් වැදීලා

අස්වැන්න කා දමා
ගෙවල් එක දෙක කඩා
මිනිසුන්ට පහර දී
උන් යනවා සතුටු වී

වරද කොතැනද කියා
තවම සොයමින් යතා
උන්ගෙ බිම් ගත් නිසා
නොවෙද මේ හැම දුකා