ලක්ෂානි ලියනගේ - කුරුණෑගල

2022 මැයි කලාපය

අරගල මැදින් අවුරුදු සැමරුනාවේ

මහ මග බැසන් කොටසක් අරගල කරතී
මහ මග බැසන් කොටසක් පෝලිම් ගෙවතී
අවුරුදු මගක් ඇවිදින් සැමරුම් යදිතී
අරගල මැදින් අවුරුදු සමරන්න ඇතී

වේලක් නොකා වේලක් කා ඉන්නකොට
සාගිනි උහුලමින් පෝලිමෙ ඉන්නකොට
දරුවන්ගෙවත් බඩ කට පුරවන්න හෙට
හැකි නම් එයම මහමෙර සේ වටී මට

කණ,කර දෙකම උකසට ගිලිහුනාවේ
මිලිනව හීන කඳුළක සිර වුණාවේ
දරු දෙන්නාටවත් අවුරුදු වෙලාවේ
නැකතට ඉදෙන කිරිබත රස වූණාවේ

වෙනදා වගේ රස මසවුළු නැතුවාට
මලු පුරවා ගෙනා සළුපිළි නැතුවාට
මා පිය හදවතේ රැඳි පෙම හැමදාට
අඩු නෑ මගෙ පුතේ දැනුණිද නුඹලාට

ලක්ෂානි ලියනගේ
කුරුණෑගල
View Poem