ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2022 මැයි කලාපය

ගාලු මුවදොර

ලෙල දිදී සිංහ කොඩි මඳ සුළඟ සිප ගනියි
නව ආරකින් පබඳ සටන් ගී හඬ ඇසෙයි
රජ පවුල පිටු දකින පුවරු දසතින් නැගෙයි
බාලයන් තරුණයන් මහල්ලන් එකතුවෙයි

පොලිස් භටයන් පිරිස බලා සිට නිහඬවම
කඳුළු වායුව වසා බැටන් පොලු වීසිකර
එකම හඬකින් ගයන ජනී ජනයා සමග
එක්වෙලා හදවතින් සමවැදී දැහැනකට

වාතලය සිසාරා පැතිර යන හඬ දැඩිය
යුව දනන් හද පතුළ නැගෙන සිතිවිලි දැඩිය
උන් හඬින් උමතු වී නඩය යන දින ළඟය
නව ලොවක සිහින රැස සැබෑවන දින ළඟය

17/04/22
View Poem