ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සින්ජිකු උයනෙ රත් පෑ සකුරා පිපුනා

සින්ජිකු උයනෙ රත් පෑ සකුරා පිපුනා

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
2022-March

නෑ හැඩ රුවක් රම්බා කුමරුන්ට වගේ
ගෙල අත රන් දම්ය සිටුවර පුතෙකු හැඟේ
අද එක් රියක හෙට තව එක් රියක නැගේ
අට්ටාලයක් උඩ ඔහු නෙත ගැටුනි ඇගේ

ඇගේ රූ සිරිය පබවත කුමරිය සරිය
දරු සෙනෙහස නිසා දෙතනේ කිරි බරය
පාරේ තාර තරමට ඔහු කළු උසය
ඉංජිනේරු නෝනා නම් හසඟනය

ඔහුගේ වැඩ බිමේ අදියුරු සුදු නෝනා
නැග අට්ටාල මත නෙක සරදම් පානා
දැල් වැට සොලව සොලවා ඉඟිබිඟි කරනා
දඟ සුළගට ඇගේ දඟ යුග කිති කැවුනා

ඈ දරු පැටව් සහ සැමියා සමග හොරා
නිසිකල එතෙර විය පෙම්පත් දෙකට ඉරා
බෑ ගල් ගඩොල් මැද ඉන්නට තනිය දරා
තතමි පැදුරෙ ඈ තුරුලේ සුපෙන්බරා

සකුරා මලේ දුර අංකය සොයාගෙන
පෙර සෙනෙහසින් අමතයි ඈ පතාගෙන
ඉන්නට බෑ තනියි කඳුලැලි පුරෝගෙන
සුසුමන් හෙලයි ගිනි අවියක් දරාගෙන

ඇගේ රොස්, කටුක බස් කළු ගල් සේ දැනුනා
වෙව්ලන ඇඟිලි තුඩු ගිනි කඳ හා බැදුනා
සකුරා පිපෙන රටටත් වෙඩි හඬ ඇසුනා
සිංජුකු උයනෙ ලේ පෑ සකුරා පිපුනා