සිංහල ජන කවිය හා ප්‍රේමය
සිංහල ජනකවියේ විසිතුරු බවˎ රසවත් බවˎ දේශීයත්වයˎ ගැමි සමාජතත්ව නිරූපණය වැනි විවිධ අංශ පිළිබඳව බොහෝ අය ලියා ඇති හෙයින් මේ ලිපියේ ඒ ගැන එතරම් සවිස්තරව සටහන් නොකරමි. ජනකවියේ ගැබ්වන ප්‍රේමය සම්බන්ධ සිතුවිලිˎ හැඟීම් ආදිය ගැබ්වන මා සිත්ගත් කවි කීපයක් පමණක් මෙහි උපුටා දක්වන්නෙමි. බොහෝ ජන කවියෝ ගැහැණුන් කෙරෙහි තම සිතේ වූ ප්‍රේමය මෙන්ම රාගික ආශාව ද නොපැකිළ පැවසූහ:
තනේ පුදබුදු වෙනවා දකින්කල මදක්
සෙනේ වඩයි සළෙළුන් දැක්ක කල උදක්
වනේ බිඟු රොනට හැසිරෙන සේම නදක්
අනේ මට ගෑනු ළඟ ඉන්න ඇති හිතක්
වරෙක එක් ජන කවියෙක් එක්තරා ගැමි තරුණියක කෙරෙහි වු සිය ප්‍රේමය පවසන්නේ මෙසේය:
ඔයේ නමං වතුර යන්නේ ගලාගෙන
ළිඳේ නං ව තුර එන්නේ උනාගෙන
කළේ නං වතුර බොන්නේ පුරාගෙන
මගේ නං ළඳේ යන්නේ වඩාගෙන
තවත් ගැමියෙක් සිය ජිවිතයේ පාළුව ත් බිරිඳකගෙන් තොර ජීවිතයේ නිසරු බවත් උපමා පවා යොදාගනිමින් පවසා ඇත්තේ මෙසේය:
අඳින කොට සළුව ළඳ නුඹ රුව වාගේ
බඳින කොට වරල නිල් මැණිකක් වාගේ
බලන කොට මූන රන්පිළිමේ වාගේ
යනකොට ගෙදර නැතුවා පාළුව මාගේ
තවත් ජනකවියෙක් තමාගේ පැරණි බිරිඳ හා අලුත් බිරිඳ සසඳා ඇත්තේ මෙසේය:
ආදි අපි දෙන්න දිය පිට නෙළුම් මෙනේ
දැන් දැන් අපි දෙන්න දිවිදුටු මුවන් මෙනේ
දියේ පුරුදු ගොඩ නුපුරුදු මසුන් මෙනේ
අලුත බැඳිසෙනේ හුණු නැති බුලත් මෙනේ
සිංහල ජනකවි අතර විශාල සංඛ්‍යාවක් පබැඳී ඇත්තේ නෑනා මස්සිනා ආදරය තේමා කරගනිමිනි. ගැමි දිවියේ ඉතා රමණිය ප්‍රේම සම්බන්ධතාවන් වූයේ නෑනා මස්සිනා අතරය. එබඳු කවි අතර වැඩිවශයෙන් ඇත්තේ මස්සිනා නෑනා අරමුණු කරගෙන ඇය අමතිමින් කී කවිය. මේ එයින් කීපයකි:
වැසිදිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි
මල් පැණි අයිති වට ගුමු දෙන බමරාටයි
මීරා අයිති කිතුලේ කල වැද්දාටයි
නෑනා අයිති කාට ද මස්සි නාටයි
තවත් තරුණ කවියෙක් තම සිතේ ඇති විශෙෂ ආශාවක් උපහාසය ද මුසු කරමින් කියා ඇත්තේ මෙසේය :
මාම ගෙ හිතේ මා මරවා වැඩ ගන්ට
නැන්දගේ හිතේ උන්දැගෙ දූ මට දෙන්ට
අක්කගේ හිතේ නංගිව දී බේරෙන්ට
මගේ හිතේ දෙන්නම අරගෙන යන්ට
මහියංගන විහාර වන්දනාව හා බැඳුණ ජනකවි විශාල සංඛ්‍යාවක් ඇත. ඒ අතර ඉතා ජනප්‍රිය කවියකින් ද නෑනා කෙරෙහි වූ ආදරය ප්‍රකාශ වෙයි:
මහියංගනේ එක එලිය යි බන් නෑනා
ඒ එළියට අපි ඉඳගෙන පොල් ගානා
වේර ගං තොටේ ඔරු දෙක යස මානා
එක නුවරක ඉපදෙමු රං කුරු නෑනා
‘එක නුවරක ඉපදෙමු රං කුරු නෑනා’ - මේ ආත්මයෙදි නොහැකි වේ නම් ලබන ආත්මයේදිවත් අපි එක ළඟ ඉපදෙමුයි කවියා ප්‍රාර්ථනා කරයි. එයින් ඔහුගේ සිතේ නෑනා කෙරෙහි වු දැඩි සෙනෙහස ධ්වනිත වෙයි. ඔරුවේ නැගී මහවැලි ගඟ දිගේ පැමිණ ඔරුව වේරගංතොටේ නවත්වා විඩා හරිමින් වන්දනා නඩය ගං ඉවුරේ වාඩිලා ගෙන බත් පිස කා පසුවදා උදේ ගඟෙන් නා පිරිසිදු වී මල් නෙළාගෙන සෑය වඳින්ට ගියහ. අප කුඩා වියේදී ද -අඩසියවසකටත් පෙර-ඒ අත්දැකීම ලබා ඇත. සිය ඔරුවට සමාන්තරව නවතා තිබූ ඔරුවක සිටි සිය නෑනා දුටු තරුණ කවියා සිතේ පුබුදු වු හැගීම් පැවසූයේ ඒ කවියෙනි .
කෙමෙන් තරුණ වියට ළං වෙමින් සිටි තවත් ගැමි තරුණයෙක් සිය නෑනා සිහිකරමින් ඇය කෙරහි වු ප්‍රේම ය ප්‍රකාහ කළේ ඉතා සරලˎ එහෙත් නිර්ව්‍යාජ ලෙසිනි:
පානේ තෙල් නැතුව කලුවර පැතිරෙනවා
මූනේ උඩුරැවුල දැන් ටික ටික එනවා
යානේ නිදි නැතිව තුන්යම පසුවෙනවා
නෑනේ නුඹ නිසා මගෙ හදවත දනවා
එබඳුම තවත් ගැමි කවියෙක් පැරණි කවියන් ට සුපුරුදු ‘මුව පියුම’ උපමාව අනුකරණය නොකරමින් තම පරිසරයේ දුටු වැව්පොකුණු වල නිතර පිපී තිබූ මානෙල් මල් සිය නෑනාගේ මුහුණට සමාන කිරීම සඳහා තෝරා ගන්නේ මෙසේය:
අත් ටික්කිරි කහපලු ටින් කිරි වා ගේ
දත් ටික්කිරි කියතෙන් කළ වැඩක් වගේ
මූණ ටිකක් කැඩපත ඇල්ලුවා වගේ
රන් මැණිකා මට මානෙල් මලක් වගේ
තමා අවට වූ ඇල දොළ ඔය වෙල දෙස බලමින් සිය ආදරය දිනා සිටි නෑනා ද සිහි කරමින් තවත් ගැමි තරුණයෙක් ප්‍රේමය ප්‍රකාශ කරන්නේමෙසේය:
ඔයේවතුර සිඳුනම ගල් කැට නැද්ද
වෙලට වතුර බැන්දම වෙල රුව නැද්ද
කරට මාලයක් බැන්දම රුව නැද් ද
රන් මැණිකා මං දැක්ම දුක නැද්ද
මේ කවි යේ මුල් පේළි තුනේ ඇතුළත් උපමාවන් අප සිත්හි පැහැදිලි රුප මැවීමට සමත් වෙයි. කවියාගේ සිතට නිරායාශයෙන් ගලා ආ මෙබඳු උපමාවන් නිසා ජන කවියේ රසවත් බව වැඩිවෙයි. ‘ආදරය’ˎ ‘ප්‍රෙමයˎ ’ සෙනෙහස’ වැනි වචන කෙළින්ම යොදා නොගන්නා මේ කවියා මෙහි දී භාවිත කරන ‘දුක ‘ යන්නෙන් අදහස් වන්නේ ‘ආදරයයි’. ගැමි වහරේ ‘දුක’ යනු සංවේගය සඳහා ම නොව ආදරය සඳහා ද යෙදෙයි. කවියාගේ පෙම්වතිය වෙනත් දීගයක ගොසිනි. ඇය සිහිකරමින් තරුණයා කියන මේ කවියෙන් දැනෙන්නේ ඔහුගේ මුවින් පිටවන දුක් සුසුම් යැයි සිතේ:
මඩම් පැල්ල චීත්ත ඇඳ ගන්ට ගියා
සුවඳ සබන් ගාලා නාගන්ට ගියා
ලූනු මිරිස් අමු කරවල කන්ඩ ගියා
රං මැණිකා මිගමුවට දීග ගියා
උගත් කවීන් මෙන් පැරණි කවි සමයෙන් ණයට ගත් උපමා රූපක නොව තමාට හුරු පුරුදු පරිසරයෙන් තෝරාගත් අලංකාර ජනකවියා භාවිත කරයි. සාමාන්‍යයෙන් උපමා රූපක වැනි අලංකාර රහිතව වුව ද සිත් කාවදින ලෙස සිය හැඟීම් පැහැදිලිව පැවසීමට ජනවියා සමත්වෙයි.
දෑත හොඳයි බත් උයවාගෙන කන්ට
මූන හොඳයි දහවල බල බල ඉන්ට
දෙපය හොඳයි කඩිසර ගමනින් යන්ට
මගෙ ලිය හොඳියි සබයක සිටු ගන්ට
මේ කවියේ අවසන් පේළියෙන් කියැවෙන අදහස ගැන සිතා බලන්න. උගත් කවීන්ගේ නිර්මාණයන්හි පවා මෙබඳු ධ්වනි පූර්ණ යෙදුමක් දක්නට ලැබෙන්නේ දුර්ලභ වශයෙනි. බොහෝ ජනකවීන් අවංකව සිය සිත්තුළ ඇති වු ප්‍රේමාන්විත හැඟීම් රසවත් ලෙස කවියට නැගූ අතර ඉඳහිට ඇතැම් ගැමි කවියෙක් ගැහැණිය කෙරෙහි වු අකැමත්තˎ කෝපය පළවන ආකාරයේ කවි ද කියූහ. සමරහ විට බිඳුණ පෙමක් නිසා ඇති වු සිත් තැවුල පැවසීම සඳහා ඔවුන් ඒ කවි කියන්නට ඇත:
ගෑනු උපන්නේ මේ රට කඹුරන්ට
ගෑනු උයන බත් මාලුත් නො දකින්ට
පිරිමි පිරිමි නුවරක උපදින්ට
ගෑණු නැති රටක් නැද්දෝ මට යන්ට
තවත් ජන කවියෙක් තම සිතේ ඊර්ෂ්‍යාවක් නැත්නම් කෝපයක් ඇති කළ රාගාධික කාන්තාවක් උපහාසයට ලක් කරන්නේ මෙසේය
රං මැණිකා නුඹ කාටත් ගුණ කාරි
විස්ස පිරුණ කොල්ලෙක්වත් අත නාරී
වැස්ස පින්න නො බලන රතිකෙළි කාරී
පස්ස නුඹේ යකඩෙන් තැලුවද බාරී