සුභාෂිතයේ සිත්ගත් කවි
ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත
වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත
නොමින් සුළඟ ලදුවත් තද ගිම් සැපත
ගොඩින් නැව දියෙන් රථයද නොයනු ඇත
ලොවින් එක අයෙක් එක දෙයකට සමත් වෙයි. අනෙක්
කෙනෙක් වෙනත් දෙයකට සමත් වෙයි. බොහෝ සුළඟ
හැමුවත් තද ග්රීෂ්මය තිබුණත් නැව ගොඩබිමිනුත්
රථය ජලයෙහිත් ගමන් නොකරයි.