කපිල කුමාර කාලිංග

2022 පෙබරවාරි කලාපය

කෙටි වුණත් ඒ කවි

1. අප මුමුණන සඳ
උයනෙහි ළංව හිඳ
සෙවනැලි ද මුමුණයි
බිම වැතිර .

2. දිනපොතක
අමතකව ගිය කවක්
පැහී ඉදී
සුවඳ හමයි.

3. බිඳුණු උළු අතරින්
වැටෙන වැසි බිඳු
ඉවසයි
බිඳුණු වළඳක් .

4. කෙටි වුණත් ඒ කවි
කියවන විට
හරි දිගයි.
View Poem