ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හදිසි කවියා

හදිසි කවියා

දයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය
2021-February

කවියෙකු නොවුණි මෙමා
එනමුදු පිය ළඳුනේ
කවිකම ආය ගලා
මා ඔබ දුටු මතිනේ…….

සතුරෙකු නොවුණි මෙමා
එනමුදු සොඳුරියනේ
මිතුරු සුවඳ පිරුණේ
ඔබෙනි මහද විමනේ……

ඔබ හිනැහෙන ගානේ
මල් විකසිත වන්නේ
අහස කඩා ඉහිරී
දෙගොඩ තලා යන්නේ…..

සිහින කැඩී බිඳෙනා
අපට කියා දුන්නේ
හදවත ලද සැම දේ
දෑස නසා ගන්නේ……