ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇයි අම්මෙ

ඇයි අම්මෙ

නුවන් තොටවත්ත
2021-December

තවත් එක් ළදැරියක්
සාගින්නෙහි ම මියගිය
නිදමින් ඈ දෙනමත
බලා මවගේ මුහුණ

විමසයි,

” ඇයි අම්මේ
හංගගෙන හිටියේ
මෙච්චර දවස්
මේ
ලස්සන ගවුම ?”