ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොහොම මම කියන්නද

කොහොම මම කියන්නද

සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය
2021-December

නංගි ඔය පුස් බැඳුණු මලු කොටේ අර ගනින්…
පාන් ඇති ඉතුරු වුණු පිහල ගං හෙමි හෙමින්…
කිරි වගේ නැති වුණත් වෙනදා උඹ බොන තනින්…
ටිකක් කමු අම්මා එයි දුවන් දැන් ඉක්මනින්…❤

ඊයෙ වඩ විකුණාපු සල්ලි ඔක්කොම අරං…
වාට්ටුව බලන්නට ගියා මම දුර ඉඳං…
දකින්නට අම්මා මට ලැබුන්නෑ බං වරං…
ඉතිං මම ආවා උඹ ලඟට මගෙ හිත හදං…❤

එන ගමන් හම්බුණා අර නර්ස් නෝනා…
අම්මා ගැන කිව්වා මට නොයෙක් දේ නා නා…
ඕවා තේරෙන්න උඹ ලොකු වෙන්න ඕනා…
දැං ටිකක් දරුණුයිලු බං මේ කොරෝනා…❤

කිරි නැතුව උඹ ගෙදර ඇති මොකුත් කන්නෑ…
ඉනුවනම් මට කිරක් බොට පාන් දෙන්නෑ…
දරා ගන්නට උඹට හය හතර දන්නෑ…
මම කොහොම කියන්නද? “අපෙ අම්මා එන්නෑ” ❤