ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේමයේ මතක සිත්තම

ප්‍රේමයේ මතක සිත්තම

තීශ්‍යා දුල්මිණී
2021-December

වැහි බිඳිති ගලා යන
කවුළුවේ පියන්පත…
මතු කරයි නුඹේ රුව
දියව යන සිත්තමක් ලෙස…

අමුත්තන් සේ හමුව
හදවතේ ලැගුම් ගත්…
වුණා නුඹ මතකයක්
හදවතම අවුලවා
නාඳුනන සේ වෙන්ව ගිය…

නුඹම බිඳි හදවතේ
කැටපත් කැබලි තවමත්…
විමසන්නෙ නුඹවමයි
සුනු-විසුණු වී ගියත්…

හෝරා ගෙවී යයි – අතීතය ගලා යයි
එහෙත්,
අළුත් නොවනා එකම මතකය
සදා හදවත දවාලයි…

(වසන්තයේ දවසක් කෘතියෙන්)