ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හිමි අහිමි

හිමි අහිමි

රේණුකා සුදර්ශනී ඉලංගකෝන්
2021-December

ලෙන් දොර බිඳ සම්මතයට පිටුපා
නුහුරු මාවතක පියවර අතුරා
අන්සතු හදවතකට සිත බැඳුනේ
ආදරයක අරුමය දෝ මන්දා….

එකම හිනාවක දෙනුවන් පැටලී
නිවී සැනසෙනා ප්‍රේමය දුටිමී
දැවෙන තැවුල් එක මොහොතින් දුරුවී
හිතකට තටු එන හැටි නම් නොදනී….

දෑඟිලි පටලා එක්වනු නොහැකී
සිතින් වෙන්ව යාමත් සිහිනයකී
දෝරෙ ගලන සෙනෙහසකට මැදිවී
අසුරු සැණක ජීවිතයක් විඳීමී….