ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විෂම  (උ) පමා

විෂම  (උ) පමා

කලාභුශන ,කිවිපති ,කවිධජ ඩබ්ලිව් කේ සරත් විමලසිරි පන්නිපිටිය
2021-December

විය කෙමෙන් ගෙවෙන සඳ ඉරි තැලී රැළි වැටෙන
නොපෙන්වන සුමුදු බව නැති විටෙදි විලේපන
සඳ වතද පරදවන ආවාට පිරි මුහුණ
කුමට මලකට උවම් කෙරුවේද ලොව පිපෙන

කදුළු කැට පිරුණු සද බොදව උණු දිය ගලන
සුද බැදුණු විට කෙමෙන් දීප්තිය පහ කරන
උදෑසන දෙකෙලෙවර රළු පරලු කබ පිරෙන
දෑස නිල් නුවන් සේ කවුරු දුටුවෙද අරුණ

කාලයට ඉඩදෙමින් ‘සුදු’ වෙවී ඔහෙ හැලෙන
රැලි වැටී වක ගැසී සුගද අත් හැර දිවෙන
දින දෙකක් නොපීරුව හොතින් හෙම පටලැවෙන
කෙස් කළඹ සිකි පිලට කරුණ කිමැ සමකෙරුන

මුවඟ මසවුළු ගැටෙන විට ඉදුල් දිය රැදෙන
කේට ග්‍රන්තෙන් තෙත්ව නිරන්තරයෙන්  වෙසෙන
නොතැරුවොත් තද වර්ණ අවර්ණව පසුතැවෙන
සුමුදු නා දල්ලකට දෙතොල් සමවෙද සැලෙන

කිරි පාට වියැකෙමින් දුඹුරු පැහැයට හැරෙන
කැඩෙන සෙලෙවෙන වැටෙන සුළු බවම මතුකෙරෙන
උඩු පෙළයි යටි පෙළයි දෙකම එකලෙස නොවෙන
දත් ධවල මුතු පබළු සම කලේ කිමැ නොදැන