සොබාදහම දුන්නෙ මෙහෙම
මේ සුන්දර ඉර හඳ යට, ඉන්න වාසනා ලැබුණේ
ඒත් ඉතින් සොබාදහම, අන්ඩක් අඩුකර තිබුණේ
පුංචිසන්දියේ ඉඳලම, මා දැක නුඹෙ හද රිදුණේ
ඇල් අමරේ නුඹේ ඇල්ම, මව් සෙනෙහස මෙන් දැනුණේ
තටු ගසලා ආ දින සිට, රළු දිවියට පුරුදු වුණේ
තිරිසන් ලෝකයත් විටෙක, මනු ලොව හා සමව දැනේ
ඇති හැකි අය පුප්පන්නේ, නැති බැරි අයටමයි පෙනේ
සැනසුම ලැබුණේ නම් එය, අම්මා යන අකුරු තුනේ
කරදඬු උස් මහත්වෙලා, මමත් කරලියට බැස්සේ
දුටුවේ නැත මේ මිහිමත, මගෙ අම්මා ඉන් පස්සේ
පියාඹන්න තනි කකුලෙන්, බැහැනෙ වලාකුළු අස්සේ
තනිමග ජීවිතය ගෙවා, ආවෙමි කරදර ඔස්සේ
කෙතරම් හුරුවී සිටියත්, සුපුරුදු ජීවන ගමනට
තනි අන්ඩෙන් බර ඉසිලුම, ලෙහෙසි පහසු නැත කිසිවිට
හිතත් තෙරපිලා විටෙකදි, විඩාව බෙහෙවින් දෙනවිට
මොහොතක් සැනසුම, ලබනව තුරුල්වෙලා මිහිතලයට
සැමදෙනාම අකමැති වන, නිවනක් විශ්වයේ තිබෙයි
කිසිවෙකුගේ මත නොවිමස, අපට දිනෙක යන්න ලැබෙයි
ආත්මීය සංසාරේ, ලෝක සත්වයන් ගමනෙයි
මේ සියලුම බර දරමින්, මිහිකත නිසලව වැජඹෙයි
අදහස - ආනන්ද අමරවංස, අමෙරිකා එක්සත් ජනපදය.