සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2021 නොවැම්බර් කලාපය

ඩාවින්ට මගහැරුණ වානරයා

රජුන් සිටුවරු පිදූ
මහරු ආරාම අතහැර
බුදු සමිඳු වැඩියා වරෙක
හත්දා මූකලානක ගල් ලෙනකට

වනවාසි ඇතෙක් විතරමයි හිටියෙ
තනි නොතනියට

මනු සතෙක් කවදාක
ඇහැගැහී නෑ ඇතුට
අඹ යහළු,
වානරයෙක් මිසක

අතු ඉති කඩා දාහය නිවා
පලවා හැර නෙක මැසි මදුරු කැල
වනවාසි ඇතුය කඩා පළවැල
පූජා කලේ බුදුනට

වානරයා ගෙනාවේ මී වද
ඩාවින්ට මගහැරුන

බුදු සමිදු ආපසු වැඩිය දා නගරෙට
පසු ගමන් ආ වල් ඇතු
මිය ගියේ, ලය පැලී තැවුලට
උගේ හිත ගලක් වී තිබුනෙ නෑ
මනුසතුන් ඇසුරු නොකල වරදට

ඇතෙක් මුත් පපු කැවුතු
මෙලෙක් මලක් තරමට
වියෝ ගිනි දරනු බෑ
මෙලෙක් මල් පෙත්තකට
හිත සනසන්න සිටි
සමාන සුඛ දුක්ඛ මිතුරාත්
අකල්හි මියගොසින්
එතකොට

නාලාගිරිය ඒකට
ඌ හැදුනෙ රජ මැදුරක
ඇසුර රජුන් කුමරුන්
වාසල නොයෙක සට්ටැඹියන්

අන්තිමට ඌ
කොටු උනේ
රජ ගෙදර හබයට
පිය පුතුන් අතර
ඔටුනු හටනට

නාලාගිරි
නසරානියෙක් උනේ
ඔය තරමට
රජුන් හා පුත් කුමරුන්
ඇසුරු කල වරදට
දෙව්දත් තෙරුන්නැහැලාගේ
වොයිස් කට් ගැයුමට
මිනිසුන් පිට පෑගු පාපෙට

කැලේ කොලේ හිටිය නම්
නෑවිත් රජගෙදර
නොගිහින්
සට්ටැඹිරාලලගෙ, පයිරුපාසානෙට
උගෙත් නම ලියැවෙන්න තිබුනා
බණ පොතේ පාරිලෙයිය
වල් ඇතා තරමටම
View Poem