ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳු එපා මගෙ ලොවට

සඳු එපා මගෙ ලොවට

ලියෝනි අමරතුංග - කොළඹ
2021-August
මැවු සිහින පොද තාම තනි රකියි මගෙ            හදට
ළඟ දැවටි කියු කතා සිහිව එයි දැනි              පෙමට
දින ගණන් මඟ බලා සිටිමි එන තුරු                පැලට
යලි දකින තුරු ඔයා මොටද පුන් සඳ              මෙමටබැඳි සෙනෙහෙ බොඳ නොවෙයි සතුටකිය    ලන්වීම
යලි යලිත්  දකින්නට මඟ බලයි                තුන්යාම
නුඹ එදා මගෙ හිතත් රැගෙන ගිය             හින්දාම
ළය දවයි දරාගනු හැකිද මෙම                වෙන්වීම

මටම පමණක් උරුම බවකි හද           කොඳුරන්නෙ
උණු කඳුළු බිඳු ඔහේ නෙතු කොනෙහි     නළියන්නෙ
අද හෙටම එයි කියා දුක තුනී              කරගන්නෙ
මදනලක ඔතා එව් හාදුවයි                   එයදන්නෙ