ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලස්සන කුරුල්ලෙකුට

ලස්සන කුරුල්ලෙකුට

නීතිඥ වසන්ත තෙන්නකෝන් - ලන්ඩනය
2021-July

ලස්සන කුරුල්ලෝ
නුඹ ගයයි ගී මිහිරට
නුඹකුස සැරිසරයි උජාරුවට
දකියි නොයෙකුත් විසිතුරු දෑ අප නොදකින
සැඟවී යයි වලාකුළු මත
දෘශ්‍යමාන වෙයි ඉඳහිට

කොච්චර හිටියත් ඉහලින්
නුඹ යැපෙන්නේ පොළොවෙන්
දිරන්නෙත් පොළොවට
සැහැල්ලුවට හිටියට
නුඹ බරක් මහපොළොවට