S. K. පියසීලී
නොම්මර ගැසූ එක දෙක රට අඹ ලෑලී
ළංකර තියා එක පිට පටලා පේළී
ගෙම්බර පාන රුව යට බද්දර කාලී
සිල්ලර මේසෙ මත සිටියා පියසීලී
බෝතල් ලොසින්ජර තුන හතරක් ඕන
දුහුලැල් කෙසින් අදිමින් කරදර ගේන
දෙනකල් නොයිද අත මිටිකොට තඩිබාන
සුරතල් දුඹුරු කොලුවෙකි අඬහැර පාන
මුල්ලෙම දතක් කණිමින් ඇන ඇන හාරා
මැල්ලුම කිම කියා බලමින් ගෙන පීරා
ඉල්ලුම පිණිස ආ කෙනෙකුට ණය ආරා
මල්ලම පුරා පිරවිය හොඳ හිත තෝරා
ඉව කර බලා තෙපයින් දොර පළු වලට
දිව ඇදි බල්ලෙකිය කකුලක් ගෙන උඩට
රව රව බලා සුළු දිය වක්කළ කලට
දිව ඇද නමා ගිලගති ආ දේ කටට
යටගිය දිනෙක ගම්මානෙ මුදුන පිට
අටවෙනි පන්තියෙදි ඈ මා දකින විට
වටකුරු දෙනෙතකට බැඳි පෙම ඇරුණු කොට
මට ඒ කියන්නට හයියක් නොවුනි කට
ඈඳුනු මදුරු දඟරෙක තව දඟරෙකට
පාදනු බලා සිටියෙම් ඈ සීරුවට
පීදුණු මතකයකි එදවස දිනුමකට
දේදුණු වුණත් ඉරුවේ එක විදිහකට
දුම්බර හුළඟ කැරකෙන කල ඇඳිරියක
අම්බර වවුල් හපයකි තරු, තැනි බිමක
සිල්ලර මදිව දිගු කළ අත ඉතිරියක
ගින්දර ඔබා ගෙනයමි ගිනි පෙට්ටියක
ළංකර තියා එක පිට පටලා පේළී
ගෙම්බර පාන රුව යට බද්දර කාලී
සිල්ලර මේසෙ මත සිටියා පියසීලී
බෝතල් ලොසින්ජර තුන හතරක් ඕන
දුහුලැල් කෙසින් අදිමින් කරදර ගේන
දෙනකල් නොයිද අත මිටිකොට තඩිබාන
සුරතල් දුඹුරු කොලුවෙකි අඬහැර පාන
මුල්ලෙම දතක් කණිමින් ඇන ඇන හාරා
මැල්ලුම කිම කියා බලමින් ගෙන පීරා
ඉල්ලුම පිණිස ආ කෙනෙකුට ණය ආරා
මල්ලම පුරා පිරවිය හොඳ හිත තෝරා
ඉව කර බලා තෙපයින් දොර පළු වලට
දිව ඇදි බල්ලෙකිය කකුලක් ගෙන උඩට
රව රව බලා සුළු දිය වක්කළ කලට
දිව ඇද නමා ගිලගති ආ දේ කටට
යටගිය දිනෙක ගම්මානෙ මුදුන පිට
අටවෙනි පන්තියෙදි ඈ මා දකින විට
වටකුරු දෙනෙතකට බැඳි පෙම ඇරුණු කොට
මට ඒ කියන්නට හයියක් නොවුනි කට
ඈඳුනු මදුරු දඟරෙක තව දඟරෙකට
පාදනු බලා සිටියෙම් ඈ සීරුවට
පීදුණු මතකයකි එදවස දිනුමකට
දේදුණු වුණත් ඉරුවේ එක විදිහකට
දුම්බර හුළඟ කැරකෙන කල ඇඳිරියක
අම්බර වවුල් හපයකි තරු, තැනි බිමක
සිල්ලර මදිව දිගු කළ අත ඉතිරියක
ගින්දර ඔබා ගෙනයමි ගිනි පෙට්ටියක