සුදු දෝණි
සුහුඹුල් අත් විදා රඟදෙන සැළලීනී
මල්මල් සිනා, කඳුළැල් පිරි සුදුමූණී
සුරතල් වදන් දී සනසන මධුභාණී
කෙළිලොල් බෝනික්කි නුඹ මගෙ සුදුදෝණී
පිනිමුතු වැටී දිදුළන ඔය කෙහෙරැල්ල
හදබිතු මත අඳී දුන්හිඳ දියඇල්ල
සැළමුතු පෙමින් නගනා විට හසරැල්ල
මිණිමුතු කුමට මට ඇති මගෙ දඟමල්ල
සවසට ගෙදර එනතුරු මග බලන්නේ
උකුළට ඇවිත් නිරතුරු මුව සිඹින්නේ
බොරුවට තරහවී ඈතින් හිඳින්නේ
නැතුවට කඳුළු මහ හයියෙන් අඬන්නේ
ගතවී බාල විය සිටු කුමරියක ලෙසින්
හැඩවී තුනුසපුව දෙවඟන සදිසි රුවින්
වෙන්වී කුලගෙයට යනදා නුඹ සතොසින්
සිහිවී නැගේ කඳුළක් නෙත්කෙවෙනි අගින්
සිටියද ලබා සෙනෙහස මව්පියන්නේ
ඉඳවිඳ සියල් සැප රැජනන් ලෙසින්නේ
උන්නද දූවරුන් නැහැ ළඟ රැඳෙන්නේ
පින්මඳ උන්ද දෙගුරුන්දැයි නොදන්නේ
මල්මල් සිනා, කඳුළැල් පිරි සුදුමූණී
සුරතල් වදන් දී සනසන මධුභාණී
කෙළිලොල් බෝනික්කි නුඹ මගෙ සුදුදෝණී
පිනිමුතු වැටී දිදුළන ඔය කෙහෙරැල්ල
හදබිතු මත අඳී දුන්හිඳ දියඇල්ල
සැළමුතු පෙමින් නගනා විට හසරැල්ල
මිණිමුතු කුමට මට ඇති මගෙ දඟමල්ල
සවසට ගෙදර එනතුරු මග බලන්නේ
උකුළට ඇවිත් නිරතුරු මුව සිඹින්නේ
බොරුවට තරහවී ඈතින් හිඳින්නේ
නැතුවට කඳුළු මහ හයියෙන් අඬන්නේ
ගතවී බාල විය සිටු කුමරියක ලෙසින්
හැඩවී තුනුසපුව දෙවඟන සදිසි රුවින්
වෙන්වී කුලගෙයට යනදා නුඹ සතොසින්
සිහිවී නැගේ කඳුළක් නෙත්කෙවෙනි අගින්
සිටියද ලබා සෙනෙහස මව්පියන්නේ
ඉඳවිඳ සියල් සැප රැජනන් ලෙසින්නේ
උන්නද දූවරුන් නැහැ ළඟ රැඳෙන්නේ
පින්මඳ උන්ද දෙගුරුන්දැයි නොදන්නේ